අද මැදියම් රැයෙන් නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතන ගැන රජයෙන් තීරණයක්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම හෙට (20) දිනයේ සිට ද ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ, සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව විසින් ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් වනු ඇති.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂයභාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දය සඳහා මුදල් ලබාදිය හැකි කාලසීමාව ප්‍රකාශ කරන්නේ නම් ඒ වනතෙක් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට නීතිමය ප්‍රතිපාදන පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යටතට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොමැති බව ද මහ ලේකම්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව බොරු නිවුස් දාන යූ ටියුබ් නාළිකාවලට වැඩ වරදියි
05:19
Video thumbnail
කපිල චන්ද්‍රසේන එළොව ගිය නිවසට කොටුව මහේස්ත්‍රාත් පැමිණෙන දර්ශන
02:04
Video thumbnail
හරීන් අමු කුණුහරුපෙන් සංවිධායකයෙකුට බනින හඬ පටයක් ලීක් වෙයි..SJB - UNP හැදුවේ මම තමයි ....
05:46
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ නිවසට රස පරික්ෂකවරයා සහ නිල සුනඛයින් පැමිණෙන දර්ශන
04:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
07:41
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52