අද මැදියම් රැයෙන් නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතන ගැන රජයෙන් තීරණයක්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම හෙට (20) දිනයේ සිට ද ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ, සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව විසින් ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් වනු ඇති.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂයභාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දය සඳහා මුදල් ලබාදිය හැකි කාලසීමාව ප්‍රකාශ කරන්නේ නම් ඒ වනතෙක් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට නීතිමය ප්‍රතිපාදන පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් යටතට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොමැති බව ද මහ ලේකම්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?