නව ව්‍යවස්ථාවක් හදන්න එක්සත් ජාතික පක්ෂය ජනතා අදහස් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාක්ෂිකයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණයකට අනුවයි මෙලෙස අදහස් යෝජනා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ.

අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා කටයුතු කරනවා.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් කටයුතු කරන බව සඳහන්.

ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් සභාපතිවරුන් සහ බලයලත් නියෝජිතයන්ට ද පක්ෂයට අනුබද්ධ සංවිධානවල සභාපතිවරුන් සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම අදහස් සහ යෝජනා මාර්තු 31 දිනට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත භාරදීමට පියවර ගන්නා ලෙසයි කමිටු ලේකම්වරයා දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46