spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව ව්‍යවස්ථාවක් හදන්න එක්සත් ජාතික පක්ෂය ජනතා අදහස් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාක්ෂිකයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණයකට අනුවයි මෙලෙස අදහස් යෝජනා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ.

අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා කටයුතු කරනවා.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් කටයුතු කරන බව සඳහන්.

ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් සභාපතිවරුන් සහ බලයලත් නියෝජිතයන්ට ද පක්ෂයට අනුබද්ධ සංවිධානවල සභාපතිවරුන් සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම අදහස් සහ යෝජනා මාර්තු 31 දිනට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත භාරදීමට පියවර ගන්නා ලෙසයි කමිටු ලේකම්වරයා දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?