ගෙළ සිරකර කාන්තාවන් මරා දේපළ කොල්ල කෑ අපරාධකරුවෙක් අල්ලයි

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙළ සිරකර ඝාතනය කළ පුද්ගලයෙකු ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ (2022) නොවැම්බර් වන මස දෙවන දින ඉත්තෑපාන ප්‍රදේශයේ කාන්තාවක් ගෙළ සිරකර ඝාතනය කර දේපළ කොල්ලකෑම සහ මෙම වසරේ පෙබරවාරි මස පළමු වනදා කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙළසිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑ,ඒ සිද්ධීන් සම්බන්ධවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇල්පිටිය, අවිත්තාව ප්‍රදේශයේ දී පෙරේදා (16) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි වියේ පසුවන යගිරල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කොල්ලකන ලද දේපළවලින් කොටසක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ඇල්පිටිය අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු අද (18) දිනය දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33