ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන විමර්ශනයක් – වෙළඳසැල් වලින් ගත් ආහාර සාම්පලත් බොරැල්ලට

ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ විමර්ශන කණ්ඩායම් එම ප්‍රදේශයවලට යොමුකරන බවයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේ දී රත්නපුර මහ රෝහලෙන් ලිස්ටීරියා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව යළි අවදානයක් යොමු වුණා.

එලෙස හඳුනාගත් ආසදිතයා මිය ගොස් ඇති අතර, ඉන් පසුව ද තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම රෝහලේදීම මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කළා.

එලෙස හඳුගත් ආසාදිතයින් තිදෙනාම ශ්‍රී පාද වන්දනාවේ නිරතව ඇති බවයි අනවරණය වුණේ.

ඒ, අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් වලින් ඊයේ (17) ආහාර සාම්පල් ලබා ගැනීමක් ද සිදුකරනු ලැබුවා.

එලෙස ලබාගත් ආහාර සාම්පල පරීක්ෂාව සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර සත්ත්ව මාංශ හා කිරි හරහා ද ලිස්ටීරියා රෝගය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26