spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිස්ටීරියා ව්‍යාප්තිය ගැන විමර්ශනයක් – වෙළඳසැල් වලින් ගත් ආහාර සාම්පලත් බොරැල්ලට

ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ විමර්ශන කණ්ඩායම් එම ප්‍රදේශයවලට යොමුකරන බවයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේ දී රත්නපුර මහ රෝහලෙන් ලිස්ටීරියා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ ලිස්ටීරියා බැක්ටීරියාව පිළිබඳව යළි අවදානයක් යොමු වුණා.

එලෙස හඳුනාගත් ආසදිතයා මිය ගොස් ඇති අතර, ඉන් පසුව ද තවත් රෝගී දරුවන් දෙදෙනෙකු එම රෝහලේදීම මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සනාථ කළා.

එලෙස හඳුගත් ආසාදිතයින් තිදෙනාම ශ්‍රී පාද වන්දනාවේ නිරතව ඇති බවයි අනවරණය වුණේ.

ඒ, අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් වලින් ඊයේ (17) ආහාර සාම්පල් ලබා ගැනීමක් ද සිදුකරනු ලැබුවා.

එලෙස ලබාගත් ආහාර සාම්පල පරීක්ෂාව සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර සත්ත්ව මාංශ හා කිරි හරහා ද ලිස්ටීරියා රෝගය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?