යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය පේදුරුතුඩුව නගරකෝවිල් ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදි දෙකකට සහ නිවසට ද අලාභ හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එක් යතුරුපැදියක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර අනෙක් යතුරුපැදියට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.

නිවසට ද අලාභ හානි සිදුවී ඇති අතර කවුරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණ වී නැහැ.

අදාළ ප්‍රහාරය පිළිබඳ නිවෙස් හිමිකරුවන් විසින් පේදුරුතුඩුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?