“ග්‍රෑන්ඩ්පාස් ඩුබායි” අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක්, නිවාස දෙකක් ඇතුළු තවත් ස්ථාන දෙකක් බිඳ රුපියල් ලක්ෂ 40ක පමණ දේපළ සොරා ගත් “ග්‍රෑන්ඩ්පාස් ඩුබායි” නැමැත්තා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

සැකකරු සොරා ගෙන ඇති රූපලාවන්‍ය උපකරණ, ආලේපන වර්ග, රන් භාණ්ඩ, අයි පෑඩ්, අයි ෆෝන් ඇතුළු උපකරණ රැසක් පොලිසිය සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පසුගිය පෙබරවාරි 25 වනදා කොල්ලුපිටිය පාසල් පටුමගේ රූපලාවණ්‍යාගාරයක් බිඳ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා රුපියල් ලක්ෂ 14කට ආසන්න වටිනාකමින් යුත් විවිධ උපකරණ සහ ආලේපන වර්ග සොරා ගැනීම මෙන්ම 7 වනදා කැමරල් පෙදෙස වලව්වක පිටුපස දොර කඩා ඇතුළු වී පවුම් දහයකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීම මෙන්ම අයි පෑඩ්, අයි ෆෝන් සොරා ගැනීම සම්බන්ධයෙන් CCTV දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබෙන රූපලාවණ්‍යාගාරයක්, චීන ජාතිකයන් පදිංචි නිවසක් මෙන්ම පෞද්ගලික ආයතනයක් බිඳ දේපළ සහ මුදල් සොරාගත් බවට ද හෙළිකර ඇතැයි සඳහන්.

සැකකරු සොරාගත් දේපළ මාළිගාවත්ත අලුත් පාර, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලට අඩු මුදලට අලෙවි කර තිබියදී සොයාගෙන ඇත්තේ සැකකරු අනාවරණය කළ කළ තොරතුරු අනුවයි.

මෙම පුද්ගලයා මෙලෙස සොරාගත් දේපළ අලෙවි කර මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වී ඇතැයි ද හෙළිවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48