2023 රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ස්ථානයට විරෝධය පා මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය 2023 වර්ෂයේ මැයි මාසයේ දී හලාවත – කබැල්ලෑවල ශ්‍රී රත්නසිර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශය මේ වන විට සැළසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 16 වනදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර 2023 රාජ්‍ය වෙසක් උත්සවය හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට එරෙහිව භික්ෂුන්වහන්සේලා පිරිසක් විරෝධය දක්වා ඇති බව වර්තා වනවා.

රාජ්‍ය වෙසක් උත්සවය මෙම විහාරස්ථානයේ දී පැවැත්වුවහොත් එය බෞද්ධයින්ට සිදුකරන නිඟාවක් බවයි කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ඉත්තෑපානේ සුමන සහ ලේඛකාධිකාරී පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිවරුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකරමින් උන්වහන්සේලා මේ බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සදහා තෝරාගෙන ඇත්තේ පිරිවෙනක් නමින් පවත්වාගෙන යන දේවාල භූමියක් බව සඳහන් කරන උන්වහන්සේලා, මෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ දේශපාලනික වශයෙන් හංවඩු ගැසී ඇති හිමිනමක් බවට ද චෝදනා කරනවා.

ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

WhatsApp Image 2023 03 11 at 12.23.41 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03