Empty Ad
Empty Ad
AFC Banner

පාසල් මුරකරුට ජීවිතය එපා වෙයි

දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකු නිවසට යාබද ලඳු කැලෑවක ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පාසලක මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයට අවුරුදු 6ක සහ අවුරුදු එකහමාරක දියණියන් දෙනකු සිටින අතර විවාහක බිරිඳ ද සෞඛ්‍ය සේවයේ නියුතු අයෙක් බවටයි.

අවුරුදු එකහමාරක පමණ කාලයක සිට දෙදෙනා දෙතැනක පදිංචිව සිටින අතර දරු දෙදෙනා ද බිරිඳ සමග යක්කලමුල්ල ප්‍රදේශයේ ජීවත් වීම හේතුවෙන් මියගිය තැනැත්තා මානසික පීඩාවකින් පසුව තිබෙන බවට ද කරුණු අනාවරණ වී තිබෙනවා.

මේ කරුණු හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇතැයි විශ්වාස කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම ස්වාමියා රාත්‍රී මුර සේවයට ගිය පසු අවිවාහකව සිටින ස්වාමියාගේ සොයුරාගෙන් එල්ල වූ බලපෑම ඉවසාගත නොහැකිව තමා දෙමව්පියන්ගේ නිවසට ගොස් මව හා දරුවන් සමඟ ජීවත් වෙමින් හැකි වෙලාවට ස්වාමියා හමුවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?