පාසල් මුරකරුට ජීවිතය එපා වෙයි

දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකු නිවසට යාබද ලඳු කැලෑවක ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පාසලක මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයට අවුරුදු 6ක සහ අවුරුදු එකහමාරක දියණියන් දෙනකු සිටින අතර විවාහක බිරිඳ ද සෞඛ්‍ය සේවයේ නියුතු අයෙක් බවටයි.

අවුරුදු එකහමාරක පමණ කාලයක සිට දෙදෙනා දෙතැනක පදිංචිව සිටින අතර දරු දෙදෙනා ද බිරිඳ සමග යක්කලමුල්ල ප්‍රදේශයේ ජීවත් වීම හේතුවෙන් මියගිය තැනැත්තා මානසික පීඩාවකින් පසුව තිබෙන බවට ද කරුණු අනාවරණ වී තිබෙනවා.

මේ කරුණු හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇතැයි විශ්වාස කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම ස්වාමියා රාත්‍රී මුර සේවයට ගිය පසු අවිවාහකව සිටින ස්වාමියාගේ සොයුරාගෙන් එල්ල වූ බලපෑම ඉවසාගත නොහැකිව තමා දෙමව්පියන්ගේ නිවසට ගොස් මව හා දරුවන් සමඟ ජීවත් වෙමින් හැකි වෙලාවට ස්වාමියා හමුවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48