සමාගම් දෙකක් ඈවර කිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ස්ථාපිත කරන ලද සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් යන සමාගම් ස්වේච්ඡාවෙන් ඈවර කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ නීතීඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

රජය විසින් හිමිකාරීත්වය ලබන දේපල විකිණීම හෝ පැවරීම සඳහා ස්ථාපිත කරන ලද එම සමාගම් වල ක්‍රියාකාරීත්වය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් කපිල රේණුක පෙරේරා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී යි මෙම දැනුම් දීම සිදු කෙරුණේ.

මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණයට දන්වා සිටියේ එම සමාගම් ස්වෙච්ඡාවෙන් ඈවර කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් අධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතාවයක් තිබේ ද? නැද්ද? යන්න දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? යන්න තීරණය කිරීම සඳහා ලබන ජූලි මස 18 වැනිදා කැඳවන ලෙසටයි.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, එවක අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස් .ආර්.ආටිගල, විනිමය සුරැකම් කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළදපොළ, සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඇතුළු 19 දෙනෙකු නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52