AFC Banner
Empty Ad
Empty Ad

ගෝපාල්ස්වාමි සහ සජිත් අතර හමුවක්

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, මාධ්‍යවේදියෙකු, හා විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිල නිවසේ දී පැවැත්වුණා.

ගෝපාල්ස්වාමි, අගමැති රජිව් ගාන්ධි මහතාගේ නිල ප්‍රකාශකවරයා වූ අතර සයිප්‍රසයේ, ඕස්ට්‍රේලියාවේ සහ පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළා..

ඔහු දැනට ජම්මු මධ්‍යම විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා සහ ඉන්දියාවේ නවදිල්ලියේ වායු බලශක්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර පසුගිය වසර විස්සක කාලය තුළ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව විචාරකයෙකු ලෙස ද කටයුතු කළා.

ශ්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරණ බවත් මෙම හමුවේදී විපක්ෂ නායකවරයා ගෝපාල්ස්වාමි මහතාට පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?