ගෙමිදුලේ හෑරූ වළෙන් අත්බෝම්බ සහ පතොරම් මතුවෙයි (ඡායාරූප)

කිලිනොච්චිය, ඉත්තෑවිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගෙමිදුලක වළදමා තිබූ අවි ආයුධ කිහිපයක් ඊයේ (05) පස්වරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා.

නිවසේ හිමිකරු විසින් ගෙමිදුලේ වළක් හෑරීමේ දී බෑගයක් මතුව ඇති අතර, එහි කිසියම් ආයුධ කිහිපයක් දැක ඒ පිළිබඳව පලෙයි පොලීසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පලෙයි පොලීසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ ස්ථානයට පැමිණ සිදුකළ විමර්ශනයේ දී වළදමා තිබූ අත්බෝම්බ 02 ක්, ටී 56 පතොරම් 175ක් සහ මැගසින් එකක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

යුද සමයේ දී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මෙම ආයුධ මෙලෙස වළදමන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

සොයාගත් ආයුධ කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?