වන්දනාකරුවන්ගේ ජීවිත තුනක් බිළිගත් හුළං වංගුවට අරුම පුදුම දඬු වැටක් (ඡායාරූප)

පසුගිය 19 වනදා ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත් නෝටන්බ්‍රිජ් – දියගල ප්‍රධාන මාර්ගයේ හුළං වංගුව ස්ථානයේ තාවකාලික ආරක්‍ෂිත වැටක් ඉදි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

මාර්ගයේ ගමන් ගන්නා වාහන ප්‍රපාතයට පෙරළීම වැලැක්වීමේ අරමුණින් ඉදිකර ඇති මෙම ආරක්‍ෂිත වැට, ලී දඬු යොදාගෙන ඉදිකර තිබීම විමතියට කරුණක්.

මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් ඊයේ (27) දිනයේ දී මෙම තාවකාලික ආරක්‍ෂිත දඬු වැට ඉදිකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉකුත් (19) දින ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙම ස්ථානයෙන් ප්‍රපාතයට පෙරළී සිදු වූ අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගත් බස් රථ සහ සෙසු වාහන නල්ලතන්නියට පිවිසීමට ඇති කෙටි මාර්ගයක් වශයෙන් නෝටන්බ්‍රිජ් – දියගල ප්‍රධාන මාර්ගය බහුලව භාවිත කරනවා.

මෙම මාර්ගය කිලෝමිටර් 08ක දුරකින් කින් සමන්විත වන අත , එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2020 වසරේ ආරම්භ කර තාවකාලිකව නතර කෙරුණා.

මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව මේ වන විට නතර කර තිබීම හේතුවෙන් එම මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල
වලවල් හෑරී මෙවැනි තවත් අනතුරු සිදුවීමේ දැඩි අවධානමක් පවතිනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ අතර මඟ නවතා දමා ඇති සංවර්ධන කටයුතු යළි ආරම්භකර කඩිනමින් අවසන්කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?