spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ගම් වැදුණු අලියට තැබූ වෙඩිල්ල කතකට වැදිලා (ඡායාරූප)

අරලගංවිල, කන්දේගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීම සඳහා පුද්ගලයෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් අසල නිවසක සිටි කාන්තාවකට වැදී බරපතළ තුවාල ලබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ අංක 04, කන්දේගම, අරලගංවිල ලිපිනයේ පදිංචි පී.එන්.රූපා මාලනී නැමැති 52 හැවිරිදි දෙදරු මවක්.

එම කාන්තාව මේ වනවිට පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

වැඩි තැබීම සිදුකළ පුද්ගලයා අරලගංවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 58 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?