සුරියවැව මදුනාගල ප්රදේශයේ මහා පරිමාණ ටොම් ඇන්ඩ් ජේසි අඹ වගා භූමියකට හොර රහසේ ඇතුළු වූ කණ්ඩායමක් අඹ කඩා ගෙන මෝටර් රථයකින් පලායාමට උත්සහ කරමින් සිටියදී ප්රදේශවාසීන් විසින් අල්ලා බැඳ පොලිසියට භාර දී තිබෙනවා.
ඔවුන් පලාගිය මෝටර් රථය අඹ වගාවේ හිමිකරුගේද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.
අද අලුයම් කාලයේ 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අඹ වත්තට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 06 කට ආසන්න අඹ කඩා ගෝනි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒවා මෝටර් රථයට පටවමින් සිටියදී හිමිකරු හා ප්රදේශවාසීන් පැමිණ ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කර ඇති අතර එහිදී සැකකරුවන් මෝටර් රථය පනගන්වා පිටව යෑමට උත්සහ කර තිබුණා.
නමුත් ඔවුන්ට වැඩි දුරක් යෑමට අවස්ථාව නොලැබුණේ මෝටර් රථය අසල තිබූ කණුවක ගැටී අනතුරට ලක්වීමත් සමගයි.
මෝටර් රථය සැකකරුවන් කුලී පදනම මත ලබාගත් එකක් බවත් පැවසෙනවා.
- එම සැකකරුවන් සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හම්බන්තොට දිසා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.