පොලිස් නිලධාරින් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම්

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කල නිලධාරීන් තුන් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (23) සිට මෙම නිලධාරීන් මහනුවර පොලිස් කොට්ඨාශයට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශයේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට, එම විමර්ශන ඒකකයේ රාජකාරී කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට සහ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාරවරයෙකු වශයෙන් රාජකාරී කළ පොලිස් පරික්ෂකවරයෙකුටයි.

මෙම නිලධාරීන් තුන් දෙනා හැටන් පොලිස් කොට්ඨාශයේ මැණික් ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් අනවසර මැණික් ගැරීමක් සිදු කරගෙන යාමට සහයෝගය ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කළ හෙළිදරව්වක් සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත එම නිලධාරීන් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන කිහිපයකින් අනතුරුවයි ස්ථාන මාරුවිවීම් ලබා දී ඇත්තේ.

මීට අමතරව නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.යු.ජි.ජයසිංහ මහතාගේ නියෝගයක් මත හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශයේම වෙනත් පොලිස් ස්ථානවලට ද ස්ථාන මරුවිම් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02