පොලිස් නිලධාරින් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම්

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කල නිලධාරීන් තුන් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (23) සිට මෙම නිලධාරීන් මහනුවර පොලිස් කොට්ඨාශයට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශයේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට, එම විමර්ශන ඒකකයේ රාජකාරී කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට සහ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාරවරයෙකු වශයෙන් රාජකාරී කළ පොලිස් පරික්ෂකවරයෙකුටයි.

මෙම නිලධාරීන් තුන් දෙනා හැටන් පොලිස් කොට්ඨාශයේ මැණික් ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් අනවසර මැණික් ගැරීමක් සිදු කරගෙන යාමට සහයෝගය ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කළ හෙළිදරව්වක් සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත එම නිලධාරීන් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන කිහිපයකින් අනතුරුවයි ස්ථාන මාරුවිවීම් ලබා දී ඇත්තේ.

මීට අමතරව නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.යු.ජි.ජයසිංහ මහතාගේ නියෝගයක් මත හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශයේම වෙනත් පොලිස් ස්ථානවලට ද ස්ථාන මරුවිම් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00