පාකිස්තානයේ පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ රාත්‍රී පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුනු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු පැය ගණනාවක් පැවති වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් පස් දෙනෙකු මිය ගිය බව එරට ආරක්ෂක අංශ තහවුරු කළා.

ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් ඇතුළු සිව් දෙනෙකුට ජීවිත අහිමි වූ අතර පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ප්‍රහාරය ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 7:10 ට වන අතර, ආරක්ෂක අංශ රාත්‍රී 10:46 පමණ වනවිට පස්මහල් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම මුදා ගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?