රජයේ මුද්‍රණාලයාධිපතිනියගෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනිනුයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මැතිවරණ මුද්‍රණ කටයුතු ආරක්ෂිතව නිවැරදිව සහ කලට වේලාවට සිදු කිරීමට නම් මැතිවරණ කොමිෂන් සභාවේ මෙන්ම පොලිසියේ සහාය ද අත්‍යාවශ්‍ය බව බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය එම නිවේදනය මගින් පවසනවා.

ඇය සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව මිලියන 18කට ආසන්න වන බවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා යනු එම සංඛ්‍යාවෙන් සියයට 3ක පමණ ප්‍රමාණයක් බවයි ගංගානි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා වියදම් දැරීමට අයවැය චක්‍රලේඛය බාධාවක් නොවන බවට සහ තවදුරටත් අදාළ ප්‍රතිපාදන නිදහස් කර දීමටත් ආරක්ෂක, සුබසාධන, විදුලි ඇතුලු සේවා හා පහසුකම් සපයා ගැනීමට රුපියල් මිලියන 50ක අත්තිකාරම් මුදල් ලබා දීමට නිසි බලධාරීන් විසින් කටයුතු කරන්නේ නම් සහ නියමිත පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ නම් එම දිනයේ සිට දින 5ක් ඇතුලත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකියාව පවතින බව ඇය පෙන්වා දෙනවා.

එමෙන්ම සමස්ත ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින 20ක් 25ක් අතර කාලයක් අවශ්‍ය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙතෙක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙම දෙපාර්තමේන්තුව මගින් මැතිවරණ මුද්‍රණ කටයුතුවල ප්‍රමාදයන් සිදුවී නොමැති අතර මෙවර මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාද වීම, චක්‍රලේඛ මගින් සිදු කර ඇති සීමා කිරීම් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම බලපා ඇති බවයි මුද්‍රණාලයාධිපතිනිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු පාර්ශවයක බලපෑමක් තමාට සිදු නොවූ බව ද ගංගානි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=4cRPQu19Y50
Printing1
Printing2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38