spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ මුද්‍රණාලයාධිපතිනියගෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනිනුයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මැතිවරණ මුද්‍රණ කටයුතු ආරක්ෂිතව නිවැරදිව සහ කලට වේලාවට සිදු කිරීමට නම් මැතිවරණ කොමිෂන් සභාවේ මෙන්ම පොලිසියේ සහාය ද අත්‍යාවශ්‍ය බව බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය එම නිවේදනය මගින් පවසනවා.

ඇය සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව මිලියන 18කට ආසන්න වන බවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා යනු එම සංඛ්‍යාවෙන් සියයට 3ක පමණ ප්‍රමාණයක් බවයි ගංගානි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා වියදම් දැරීමට අයවැය චක්‍රලේඛය බාධාවක් නොවන බවට සහ තවදුරටත් අදාළ ප්‍රතිපාදන නිදහස් කර දීමටත් ආරක්ෂක, සුබසාධන, විදුලි ඇතුලු සේවා හා පහසුකම් සපයා ගැනීමට රුපියල් මිලියන 50ක අත්තිකාරම් මුදල් ලබා දීමට නිසි බලධාරීන් විසින් කටයුතු කරන්නේ නම් සහ නියමිත පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ නම් එම දිනයේ සිට දින 5ක් ඇතුලත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකියාව පවතින බව ඇය පෙන්වා දෙනවා.

එමෙන්ම සමස්ත ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින 20ක් 25ක් අතර කාලයක් අවශ්‍ය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙතෙක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙම දෙපාර්තමේන්තුව මගින් මැතිවරණ මුද්‍රණ කටයුතුවල ප්‍රමාදයන් සිදුවී නොමැති අතර මෙවර මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාද වීම, චක්‍රලේඛ මගින් සිදු කර ඇති සීමා කිරීම් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම බලපා ඇති බවයි මුද්‍රණාලයාධිපතිනිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු පාර්ශවයක බලපෑමක් තමාට සිදු නොවූ බව ද ගංගානි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=4cRPQu19Y50
Printing1
Printing2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?