Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඖෂධ මිලදී ගැනීමට ගෙන ඇති තීරණයකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් පාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පුද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් චෝදනා කර තිබෙනවා.

එමෙන්ම අදාළ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා පිළිගත් ප්‍රසම්පාදන පටිපාටිය අවභාවිතයට ලක් කොට ඇති බවයි පෙත්සමින් චෝදනා කර ඇත්තේ.

මේ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මිලදී ගැනීමට නියමිත ඖෂධ සඳහා ගෙවීම් සිදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටයි අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂ නායකට හොඳට සලකනවා - මිලියන 300 ගාණක් අරගෙන මොකක්ද කරන්නේ..?
01:40
Video thumbnail
ආණ්ඩු පෙරළන වරද මේ ආණ්ඩුව කරලා ඉවරයි - පාරට එන්න කාලය හරි
08:59
Video thumbnail
පාර්ලිමේන්තුවට බෝම්බ ග#න්න කවුරුත් දැන් නෑ - ඔයාලා ආණ්ඩුවේ
12:17
Video thumbnail
පච උගුරේ හිරවෙලා තමයි මුන් කවදාහරි මැ#න්නේ - පච කෙ#නවා
04:52
Video thumbnail
ඇමති පුත්තු ගංජා ගහනවා මේ පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා
26:55
Video thumbnail
5000 කොළ කන්න ද කියලා අහපු මිනිස්සු මේ ඉන්නේ
16:32
Video thumbnail
හිරේ දාලා නාමල්ව නවත්වන්න බෑ
12:32
Video thumbnail
යතුර අරගෙන ඇවිල්ලා කාර් එක ඇරලා ඇතුලේ තිබ්බ දේ උස්සන්න හදපු හොරා
01:26
Video thumbnail
බොරැල්ල සේනානායක හංදියේ ප්‍රධාන පාර ගිලා බැහලා - ගමනාගමනයට බාධා
00:52
Video thumbnail
බැසිල් හැංගිලා ඉඳගෙන කොන්ද කැඩුනා, පස්ස බිම වැදුණා කියලා පණිවුඩ එවනවා
14:32