ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ඉන්දියාවෙන්

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විවිධ මට්ටම් හරහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200 ක් පමණ ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවයි.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ කීර්තිමත් ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන සඳහායි.

කෙසේවෙතත් වෛද්‍ය / පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණ සහ නීති පාඨමාලා ඇතුළත් වන්නේ නැහැ.

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පමණක් පිරිනමන ශිෂ්‍යත්ව 2023-2024 අධ්‍යයන සැසිය සඳහායි.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන යෝජනා ක්‍රම:

1) නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: මෙම යෝජනා ක්‍රමය ඉංජිනේරු, විද්‍යාව, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා වැනි විවිධ වසම්වල උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා ආවරණය කරයි.

2) මවුලානා අසාද් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: ඉංජිනේරු, විද්‍යා සහ කෘෂිකර්ම පාඨමාලා සඳහා මනාප ඇති ශාස්ත්‍රපති උපාධි පාඨමාලා.

3) රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය: විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා, ඉංජිනේරු උපාධියක් සහ තාක්ෂණවේදී උපාධියක් කරා යොමු කරයි.

ඉහත සෑම යෝජනා ක්‍රමයක්ම පාඨමාලාවේ මුළු කාලය සඳහාම සම්පූර්ණ උපකාරක ගාස්තු, මාසික ආහාර දීමනාව සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදාන ද ආවරණය කෙරෙනවා.

මීට අමතරව, ඉන්දියාවේ ආසන්නතම ගමනාන්තයට ගුවන් ගාස්තු සහ රටේ විවිධ ප්‍රදේශවලට අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික ප්‍රදානයක්, වෙනත් අමතර ප්‍රතිලාභ කිහිපයක් ද පිරිනැමෙනවා.

තෝරාගත් අපේක්ෂකයින්ට අදාළ විශ්ව විද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් ද ලබා දෙනු ඇති.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ඉන්දියානු රජය දක්ෂ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් තෝරා ගැනීමට නියමිතයි.

අපේක්ෂකයින් තෝරා ගැනීම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සිදු කෙරෙන අතර අමාත්‍යාංශයේ www.mohe.gov.lk වෙබ් අඩවියෙන් අවශ්‍ය විස්තර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම ශිෂ්‍යත්ව සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සුදුසුකම්, නිර්ණායක සහ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ හෝ අධ්‍යාපන අමාත්‍යාංශය අමතන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23