විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නිවසේ උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක්

තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකුගේ ගෙවත්තේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

48 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා නිලධාරියා ද අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔහුගේ දෙමහල් නිවස පිහිටි ගෙවත්තේ වළවල් දෙකක අඩි 5ක් පමණ ගැඹුරට කපා එම යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය වළ දමා තිබු බව සඳහන්.

සී ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 350ක්, මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 288ක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 181ක්, මිලි මීටර් 3.8 වර්ගයේ උණ්ඩ 05ක්, බෝර 12 වර්ගයේ උණ්ඩ 08ක්, ඉලෙක්ට්‍රොනික් ඩෙටනේටර් 10ක්, ඉලෙක්ට්‍රොනික් නොවන ඩෙටනේටර් 153ක්, දුම් බෝම්බයක්, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කිරීමට යොදා ගන්නා වයර් අඩි 32ක් ඇතුළු උපකරණ තොගයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබී මදන මෝදක ගුලි 153ක් අඩංගු පැකට් දෙකක් ද සොයා ගෙන ඇතැයි සඳහන්.

2016 වසරේ දී සැකකාර යුද හමුදා සාමාජිකයා විශ්‍රාම ගොස් තිබෙන අතර ඔහු එල්.ටී.ටී.ඊ.යුද සමයේ දී මුලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක වසර 05ක් අවි ආයුද ගබඩාව භාරව රාජකාරි කර ඇති බවටයි ප්‍රශ්න කිරිමේ දී හෙළිවී ඇත්තේ.

එම වකවානුවේ දී ඒවා රැගෙනවිත් වළ දමන්නට ඇති බවට පොලිසිය සක කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14