දුමින්දට ජනාධිපති සමාවදීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් යන අය විසින් අදාළ පෙත්සම් ගොනුකර කර තිබුණා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දන්වමින් මරණීය දණ්ඩනය නියමව සිටි වග උත්තරකාර දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දුන්නා.

එබැවින් වග උත්තරකරුට පිරිනමන ලද සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ දී [ප්‍රකාශ කර සිටියා.

ඉන් අනතුරුව සුමනා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් සිල්වා කරුණු දක්වමින් වරදකරු වූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැදවීම අවශ්‍ය වුවත් මෙම සිද්ධියේ දී එවැනි වාර්තාවක් කැඳවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව මෙම පෙත්සම් වැඩිදුර විභාගය මාර්තු මස 20, 23 සහ 28 යන දින තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?