දුමින්දට ජනාධිපති සමාවදීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් යන අය විසින් අදාළ පෙත්සම් ගොනුකර කර තිබුණා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දන්වමින් මරණීය දණ්ඩනය නියමව සිටි වග උත්තරකාර දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දුන්නා.

එබැවින් වග උත්තරකරුට පිරිනමන ලද සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ දී [ප්‍රකාශ කර සිටියා.

ඉන් අනතුරුව සුමනා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් සිල්වා කරුණු දක්වමින් වරදකරු වූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැදවීම අවශ්‍ය වුවත් මෙම සිද්ධියේ දී එවැනි වාර්තාවක් කැඳවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව මෙම පෙත්සම් වැඩිදුර විභාගය මාර්තු මස 20, 23 සහ 28 යන දින තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13