කාන්තාවක් දූෂණය කර මරා දමා, දෙවසරක සිට හිතේ තිබූ පළියගත් 16 හැවිරිදි පිරිමි ළමයා අත්අඩංගුවට

16 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් 58 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඇගේ කට කපා අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ හනුමාන පොලිස් බලප්‍රදේශයට අයත් කයිලාෂ්පුරි ගම්මානයේදී පසුගිය 30 වනදා මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිමි ළමයා පොලිතින් බෑගයක් සහ රෙදි කැබැල්ලක් කාන්තාවගේ මුඛයට පුරවා ඇය පදිංචිව සිටි ගොඩනැගිල්ලේ ඉදිවෙමින් පවතින කොටසකට ඇදගෙන ගොස් දූෂණය කර පහර දී මෙලෙස ඝාතනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මීට වසර දෙකකට පෙර මෙම පිරිමි ළමයා ජංගම දුරකථනයක් සොරකම් කළ බවට කාන්තාවගේ පවුලේ අය චෝදනා කර ඇති අතර, ඊට පළිගැනීමේ අරමුණ ඇතිව මෙම අපරාධය සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ.

කාන්තාවකගේ මළ සිරුරක් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඇති බවට පෙබරවාරි 01 වැනිදා ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් එම ස්ථානය පැමිණ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කාන්තාව අමානුෂික ලෙස දූෂණයකර පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම අපරාධයට සම්බන්ධ පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

මීට වසර දෙකකට පෙර රූපවාහිනිය නැරඹීමට අදාළ කාන්තාවගේ නිවසට පැමිණෙන මෙම පිරිමි ළමයාට ජංගම දුරකථනයක් සොරාගත් බවට කාන්තාවගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන් පසුව එම පිරිමි ළමයා සහ පවුලේ අය අතර අමනාපයක් ඇති වූ බවයි පොලිසිය පැවසුවේ.

සොරකම සම්බන්ධයෙන් ලද චෝදනාව හේතුවෙන් ගමේදී මුහුණ දුන් ලැජ්ජාවත් සමඟ ඊට පළිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකළ බවයි ඔහු පාපොච්ච්රණය කර ඇත්තේ.

අපරාධය සිදුකිරීමෙන් පසුව අදාළ කාන්තාවගේ නිවසේ තිබූ ඉන්දීය රුපියල් 1000ක මුදල් සහ ස්වර්ණාභරණ රැගෙන පළා ගිය බවට ද සැකකරු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41