ආසන සංවිධායකගේ වාහනයේ ගැටී යතුරුපැදිකරුවෙක් මරුට

කලාවැව ආසන සංවිධායක, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ගමන් ගත වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

බීමතින් යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු ආසන සංවිධායකවරයා ගමන් ගත් මෝටර් රථයේ පිටුපස ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී අනිල් රත්නායක මහතා අනුරාධපුර සිට තම්මැන්නාව ප්‍රදේශයේ තම නිවස කරා පැමිණෙන අවස්ථාවේ දී පසුපසින් පැමිණි යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට ලක් වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් බීමතින් සිට ඇති බවටයි.

අනතුර සිදුවූ අවස්ථාවේම ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී එක් අයෙක් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ තම්මැන්නාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක තිදරු පියෙක්. අනෙක් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදීම හිටපු විපක්ෂ නායකවරයාගේ කැබ් රථයෙන්ම එක් අයෙකු රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධියට අදාළව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තඹුත්තේගම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32