බොබී ගිනස් වාර්තා අතරට

අවුරුදු 30ක් වයසැති පෘතුගීසි සුනඛයෙකු ගිනස් ලෝක වාර්තා කමිටුව මගින් ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කර තිබෙනවා.

ඒ වසර 100කට වැඩි කාලයක් පැවති වාර්තාවක් බිඳ දමමින්.

Bobi යනු Rafeiro do Alentejo වර්ගයට අයත් සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 12 සිට 14 දක්වා ඇති සුනඛ විශේෂයක්.

මීට පෙර මෙතෙක් සිටි වයස්ගතම සුනඛයා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්ලූයි. එම සත්වයා 1939 දී මියගිය අතර ඒ වයස අවුරුදු 29යි මාස 5ක් වයසේදීයි.

ලොව වයස්ගතම සුනඛයා ලෙසට වාර්තා අතරට එක්වූ බොබිගේ වයස පෙබරවාරි 1 වන විට අවුරුදු 30 යි දින 226ක්.

ගිනස් ලෝක වාර්තා වලට අනුව ජාතික පශු වෛද්‍ය සංගමය විසින් කළමනාකරණය කරනු ලබන පෘතුගීසි රජයේ සුරතල් සතුන්ගේ දත්ත ගබඩාව මගින් මෙය තහවුරු කර තිබෙනවා.

බොබී පෘතුගාලයේ බටහිර වෙරළට නුදුරින් පිහිටි කොන්කීරෝස් ගම්මානයේ කොස්තා පවුල සමඟ මුළු ජීවිතයම ගත කර ඇත්තේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු සමඟ උපත ලැබීමෙන් පසුවයි.

එම උපත සිදුවන විට අට හැවිරිදි වියේ පසුවූ ලියොනල් කොස්තා පැවසුවේ තම දෙමාපියන්ට සතුන් වැඩි බැවින් බලු පැටවුන් අත්හැර දැමීමට සිදු වූ නමුත් බොබී පැන ගිය බවයි.

ලියොනල් සහ ඔහුගේ සොහොයුරන් බොබී සුනඛයාගේ පැවැත්ම ඔවුන්ගේ දෙමාපියන්ට රහසක්ව තබාගෙන සිටි අතර පසුව දෙමවුපියන්ට එය රහසක් වුයේ නැහැ.

ලියොනල් කොස්තාගේ දෙමවුපියන්ට එය හෙළිවන තෙක් ඔවුන් ගන්නා ආහාර සත්වයාගේ පෝෂණයට හේතු වුණා.

2018 වසරේ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් හදිසියේ අසනීප වීමෙන් පසු රෝහල් ගත කළ විට ඇති වූ බියට අමතරව, බොබි සාපේක්ෂ වශයෙන් කරදරවලින් තොර ජීවිතයක් ගත කළ අතර, දීර්ඝායුෂවල රහස ඔහු ජීවත් වන “සන්සුන්, සාමකාමී පරිසරය” බව විශ්වාස කරන බවයි කොස්තා මහතා පවසන්නේ.

එය මෙම සත්වයන්ගේ රුධිරයේ විශේෂත්වයක් ද විය හැකි අතර බොබීගේ මව ද වයස අවුරුදු 18 ක් දක්වා ජීවත් වූ බව කොස්තා පවුලේ සාමාජිකයන් හෙළි කළා.

කෙසේ වෙතත්, මේ වන විට බොබිට ඇවිදීමේ අපහසුතා සහ ඇස් පෙනීම බලපෑම් කර තිබෙනවා.

කොස්තා මහතා පවසන්නේ බොබි යනු කොස්තා පවුලේ දිගු සත්ව පරම්පරාවක අන්තිමයා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15