ගල් අඟුරු ගන්න මුදල් ඉල්ලයි

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග මිලදී ගැනීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගෙන් මුදල් ඉල්ලා තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 12.32ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.56ක් අවශ්‍ය බවයි.

ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද වසර පුරා බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

මෙම පෙබරවාරි මාසය තුළ ගල් අඟුරු නැව් පහක් හෝ හතක් පමණ මෙරටට පැමිණීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=Vi0LjuErSnE


අපගේ නවතම වීඩියෝ පුවත්