spot_imgspot_img
spot_img

ගල් අඟුරු ගන්න මුදල් ඉල්ලයි

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග මිලදී ගැනීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගෙන් මුදල් ඉල්ලා තිබෙනවා.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 12.32ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.56ක් අවශ්‍ය බවයි.

ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද වසර පුරා බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු තොග ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

මෙම පෙබරවාරි මාසය තුළ ගල් අඟුරු නැව් පහක් හෝ හතක් පමණ මෙරටට පැමිණීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=Vi0LjuErSnE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?