කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – අගමැති

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

අරලියගහ මන්දිරයේ දී අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ රටේ වත්මන් ආර්ථික, සමාජීය තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත් වුණා.

රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණය කරනවා ද නැතහොත් ආයෝජනයක ගමන් කරනවා ද, කළමනාකාරීත්වය පමණක් භාරදෙනවා ද වැනි විවිධ ක්‍රමවේද පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

විශාල වෙනස්කම් ඇති නොකොට එදිනෙදා ආදායම් මාර්ග වැඩිකර ගතහැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර වෙන වෙනම සාකච්ඡා කර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මේ අතර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ආයතන ලාභ ලැබීමට පරිවර්තනය කිරීම ද එක් ඉලක්කයක් වන බවත් එහිදී සිය යෝජනා සාක්ෂාත් කර ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ සහ‍යෝගය බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39