කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – අගමැති

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

අරලියගහ මන්දිරයේ දී අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ රටේ වත්මන් ආර්ථික, සමාජීය තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත් වුණා.

රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණය කරනවා ද නැතහොත් ආයෝජනයක ගමන් කරනවා ද, කළමනාකාරීත්වය පමණක් භාරදෙනවා ද වැනි විවිධ ක්‍රමවේද පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

විශාල වෙනස්කම් ඇති නොකොට එදිනෙදා ආදායම් මාර්ග වැඩිකර ගතහැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර වෙන වෙනම සාකච්ඡා කර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මේ අතර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ආයතන ලාභ ලැබීමට පරිවර්තනය කිරීම ද එක් ඉලක්කයක් වන බවත් එහිදී සිය යෝජනා සාක්ෂාත් කර ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ සහ‍යෝගය බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?