බ්‍රිතාන්‍ය කතගේ ලක්ෂ 83ක රත්තරං උස්සලා

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500ක වටිනාකමකින් යුත් සුදු සහ කහ රත්තරං තොගයක් සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති 75 හැවිරිදි කාන්තාවක විසින් ඊයේ රාත්‍රී 11ට පමණ කළ පැමිණිල්ලක් අනුවයි මෙලෙස පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.

ඇය කළුතර උතුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින අතර දින කිහිපයකට පෙර ත්‍රී රෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන තිබෙනවා.

ඒ සඳහා සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කළ දෙදෙනෙකු රන් ආභරණ ලබාගත් බවටයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

රන් භාණ්ඩවල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බව සදහන්.

මෙම කාන්තාව එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පදිංචිකාරියක වන අතර මීට සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03