15 හැවිරිදි දියණියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් එළියට

පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අදාළ දැරිය අවුරුදු 13 සිට සිය මවගේ අනුදැනුම ඇතිව මෙලෙස ගණිකා ජාවාරමේ යෙදී ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, එම පිරිස ඊයේ (27) දිනයේ දී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස අතර, දැරියගේ මව, දැරිය ගණිකා ජාවාරමට යොදාගත් තවත් කාන්තාවක් සහ දැරිය මිලට ගත් පුද්ගලයින් සිව්දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් පානදුර, කෙසෙල්වත්ත, සහ ගොරකාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බාලවයස්කාර දැරියක් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

දැරියගේ මවගේ අනුදැනුම ද මත දැරිය ජාවාරමේ යෙදවූ කාන්තාව විසින් ඇයව වැඩිහිටි පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා හෝටල් කාමරවලට සහ නිවෙස් වලට රැගෙන ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17