මවකට සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ ගින්න ගැන තවදුරටත් පරීක්ෂණ

මවකට සහ දරු දෙදෙනාට ජීවිත අහිමි කරමින් අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නට හේතුව සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පරීක්ෂණ සිදු කරන පොලිසිය සඳහන් කළේ.

ඊයේ (26) රාත්‍රී ඇතිවූ මෙම ගින්නෙන් මවක් සහ ඇයගේ දරුදෙදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ මව, සහ දරුවන් නිදා සිටි කාමරය තුළ බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

තුවාල ලබා සිටින පුද්ගලයා තම බිරිඳ සහ දරුවන් බේරාගැනීම සඳහා කාමරයට එන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී ගොස් අවසන් බව සඳහන්.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක්, ඔවුන්ගේ 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මියගිය අයගේ සිරුරු හඳුනාගැනීමට පවා නොහැකි තරමට පිළිස්සී තිබූ බවයි.

බිරිඳ සහ දරුවන් බේරාගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) දහවල් සිදු කෙරුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ගින්න සිදුවන අවස්ථාවේ කාමරයේ පෙට්‍රල් බෝතලයක් තිබු බවයි.

එමෙන්ම මෙම නිවසට විදුලිය සපයාගෙන ඇත්තේ අසල නිවසකින් බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ කළ හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසුව බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?