මවකට සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ ගින්න ගැන තවදුරටත් පරීක්ෂණ

මවකට සහ දරු දෙදෙනාට ජීවිත අහිමි කරමින් අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නට හේතුව සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පරීක්ෂණ සිදු කරන පොලිසිය සඳහන් කළේ.

ඊයේ (26) රාත්‍රී ඇතිවූ මෙම ගින්නෙන් මවක් සහ ඇයගේ දරුදෙදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ මව, සහ දරුවන් නිදා සිටි කාමරය තුළ බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

තුවාල ලබා සිටින පුද්ගලයා තම බිරිඳ සහ දරුවන් බේරාගැනීම සඳහා කාමරයට එන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී ගොස් අවසන් බව සඳහන්.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක්, ඔවුන්ගේ 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මියගිය අයගේ සිරුරු හඳුනාගැනීමට පවා නොහැකි තරමට පිළිස්සී තිබූ බවයි.

බිරිඳ සහ දරුවන් බේරාගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) දහවල් සිදු කෙරුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ගින්න සිදුවන අවස්ථාවේ කාමරයේ පෙට්‍රල් බෝතලයක් තිබු බවයි.

එමෙන්ම මෙම නිවසට විදුලිය සපයාගෙන ඇත්තේ අසල නිවසකින් බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ කළ හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසුව බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39