spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මවකට සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ ගින්න ගැන තවදුරටත් පරීක්ෂණ

මවකට සහ දරු දෙදෙනාට ජීවිත අහිමි කරමින් අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නට හේතුව සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පරීක්ෂණ සිදු කරන පොලිසිය සඳහන් කළේ.

ඊයේ (26) රාත්‍රී ඇතිවූ මෙම ගින්නෙන් මවක් සහ ඇයගේ දරුදෙදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ මව, සහ දරුවන් නිදා සිටි කාමරය තුළ බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

තුවාල ලබා සිටින පුද්ගලයා තම බිරිඳ සහ දරුවන් බේරාගැනීම සඳහා කාමරයට එන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී ගොස් අවසන් බව සඳහන්.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක්, ඔවුන්ගේ 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මියගිය අයගේ සිරුරු හඳුනාගැනීමට පවා නොහැකි තරමට පිළිස්සී තිබූ බවයි.

බිරිඳ සහ දරුවන් බේරාගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (27) දහවල් සිදු කෙරුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ගින්න සිදුවන අවස්ථාවේ කාමරයේ පෙට්‍රල් බෝතලයක් තිබු බවයි.

එමෙන්ම මෙම නිවසට විදුලිය සපයාගෙන ඇත්තේ අසල නිවසකින් බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ කළ හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසුව බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?