15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කළ මව ඇතුළු 4ක් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කළ දැරියගේ මව සහ දැරියගේ පහස ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර වයස අවුරුදු 84ක් වයසැති ලියවන පට්ටල්කරුවෙකු ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පානදුර , කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය මුදලට ලබාගත් තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

බාල වයස්කාර දැරියක වැඩිහිටි පුද්ගලයින්ට මුදලට අලෙවි කරන බවට තොරතුරක් පිළිබඳ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද උපදෙස් පොලිස් කණ්ඩායමක් දැරිය මුදාගෙන රෝහල් ගතකර තිබෙනවා.

සැකකරුවන් සහ දැරිය ලබාදී ඇති ප්‍රකාශ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරිය අලෙවිකර හෝටල් කාමරවලට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශය හැරහොස් සිටින අතර ඇය සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර, දැරියගේ පහස ලැබූ තවත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සදහන්.

අත්අඩංගුවට ගෙන ඇති අවුරුදු 42, 45, 54 සහ 84 වියැති සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01