ජනපතිගේ පෙත්සම ගැන කරුණු කියන්න නීතිපති සති දෙකක කාලයක් ඉල්ලයි

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදු කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සමක් අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී.එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අමාත්‍ය මණ්ඩල ලේකම් වරයාගෙන් උපදෙස් විමසා දැනුම් දිම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර ලබාදුන් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම නැවත පෙබරවාරි මස 8 වනදා කැඳවන ලෙස නියෝග කළා.

එදින පෙත්සම්කරුට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයය අධිකරණයට දැනුම් දෙන ලෙසටයි විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන්නේ.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම ගත් තීරණය නීතියට පටහැනි බවයි.

ඒ අනුව තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12