අත්අඩංගුවට පත් ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අද අධිකරණයට

ඊයේ (23) රාත්‍රියේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත අද (24) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

ඔවුන් දෙදෙනා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අයට පසුගිය 20 වනදා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විසින් බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව සමාජ මාධ්‍ය ජාල සහ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි මොවුන් දෙදෙනා වත්තල සහ මැල්ලවගෙදර යන ප්‍රදේශවල දී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?