අත්අඩංගුවට පත් ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අද අධිකරණයට

ඊයේ (23) රාත්‍රියේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත අද (24) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

ඔවුන් දෙදෙනා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අයට පසුගිය 20 වනදා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විසින් බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව සමාජ මාධ්‍ය ජාල සහ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි මොවුන් දෙදෙනා වත්තල සහ මැල්ලවගෙදර යන ප්‍රදේශවල දී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14