යාපනය ශික්ෂණ රෝහලේ දී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව අවසන්

යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදු කළ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව නිමවූ බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසනවා.

යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය තම්බිපිල්ලෙයි තවචේන්දන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතාගේ අධීක්ෂණයෙනුයි මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ.

පසුගිය 18 වනදා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය අවුරුදු 17ක් වයසැති දැරියකට සිදු කර ඇති අතර එම වකුගඩුව ඇගේ මව විසින්ම දියණියට ලබාදී තිබුණා.

වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්වූ දියණිය මෙන්ම මව ද මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටයි යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් තවත් අයෙකුට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පළමු වතාවට යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීම වැදගත් සන්ධිස්ථානයක් බව ද එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43