spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය ශික්ෂණ රෝහලේ දී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව අවසන්

යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදු කළ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව නිමවූ බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසනවා.

යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය තම්බිපිල්ලෙයි තවචේන්දන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතාගේ අධීක්ෂණයෙනුයි මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ.

පසුගිය 18 වනදා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය අවුරුදු 17ක් වයසැති දැරියකට සිදු කර ඇති අතර එම වකුගඩුව ඇගේ මව විසින්ම දියණියට ලබාදී තිබුණා.

වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්වූ දියණිය මෙන්ම මව ද මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටයි යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් තවත් අයෙකුට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පළමු වතාවට යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීම වැදගත් සන්ධිස්ථානයක් බව ද එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?