AFC Banner
Empty Ad
Empty Ad

අයවැය පරාජයට පත්වූ යාපනය මහනගර සභාවට නව නගරාධිපතිවරයෙක්

යාපනය මහනගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් යළිත් වරක් එමානුවෙල් අර්නොල්ඩ් මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යාපනය මහ නගර සභාව වෙනුවෙන් 2023 වසර සඳහා වන අය වැය පසුගියදා හිටපු නගරාධිපති වී මනිවන්නන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර එම අයවැය පරාජයට පත්වුණා.

ඒ අනුව නගරාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වු අතර පසුව යාපනය මහනගර සභාව වෙනුවෙන් වු පුරප්පාඩු වූ නගරාධිපති ධුරය සඳහා නව නගරාධිපතිවරයෙකු පත් කර ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වනු ලැබුවා.

ඊට නාගරික මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සහභාගී වූ අතර එහිදී එමානුවෙල් අර්නෝල්ඩ් මහතාගේ නම නගරාධිපති ධුරය සඳහා යෝජනාවු අතර ඊට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විරෝධතාව පළකර තිබුණා.

කෙසේවෙතත් පසුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ නගරාධිපතිවරයා වශයෙන් එමානුවෙල් අර්නෝල්ඩ් මහතා පත් කරන ලෙසට ලිඛිතව කළ ඉල්ලීමට අනුවයි ඔහු නව නගරාධිපති ලෙස පත්කර ඇත්තේ.

මේ අතර හිටපු මහනගරාධිපතිවරයෙකු ද වන එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වැඩ බාර ගැනීමත් සමග ඉල්ලා අස්වූ නගරාධිපති වී. මණිවන්නන් මහතා ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නව පත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

එමානුවේල් ආර්නෝල්ඩ් මහතා 2018 වසරේදී යාපනය මහනගර සභාවේ මහනගරාධිපති වශයෙන් වැඩභාරගත් අතර 2020 වසරේ දෙසැම්බර් මස 2021 වසර සඳහා වූ අයවැය ඉදරිපත් කිරීමේදී එය පරාජයට පත්වීම හේතුවෙන් ධුරයෙන් ඉවත්වුණා.

එම ඉවත්වීමෙන් පසුවයි නව මහනගරාධිපති ලෙසින් දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් තරඟ කල විශ්වලිංගම් මණිවන්නන් මහතා තේරීපත් වුයේ.

Emmanuwel Arnold Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?