අයවැය පරාජයට පත්වූ යාපනය මහනගර සභාවට නව නගරාධිපතිවරයෙක්

යාපනය මහනගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් යළිත් වරක් එමානුවෙල් අර්නොල්ඩ් මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යාපනය මහ නගර සභාව වෙනුවෙන් 2023 වසර සඳහා වන අය වැය පසුගියදා හිටපු නගරාධිපති වී මනිවන්නන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර එම අයවැය පරාජයට පත්වුණා.

ඒ අනුව නගරාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වු අතර පසුව යාපනය මහනගර සභාව වෙනුවෙන් වු පුරප්පාඩු වූ නගරාධිපති ධුරය සඳහා නව නගරාධිපතිවරයෙකු පත් කර ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වනු ලැබුවා.

ඊට නාගරික මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සහභාගී වූ අතර එහිදී එමානුවෙල් අර්නෝල්ඩ් මහතාගේ නම නගරාධිපති ධුරය සඳහා යෝජනාවු අතර ඊට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විරෝධතාව පළකර තිබුණා.

කෙසේවෙතත් පසුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ නගරාධිපතිවරයා වශයෙන් එමානුවෙල් අර්නෝල්ඩ් මහතා පත් කරන ලෙසට ලිඛිතව කළ ඉල්ලීමට අනුවයි ඔහු නව නගරාධිපති ලෙස පත්කර ඇත්තේ.

මේ අතර හිටපු මහනගරාධිපතිවරයෙකු ද වන එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වැඩ බාර ගැනීමත් සමග ඉල්ලා අස්වූ නගරාධිපති වී. මණිවන්නන් මහතා ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නව පත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

එමානුවේල් ආර්නෝල්ඩ් මහතා 2018 වසරේදී යාපනය මහනගර සභාවේ මහනගරාධිපති වශයෙන් වැඩභාරගත් අතර 2020 වසරේ දෙසැම්බර් මස 2021 වසර සඳහා වූ අයවැය ඉදරිපත් කිරීමේදී එය පරාජයට පත්වීම හේතුවෙන් ධුරයෙන් ඉවත්වුණා.

එම ඉවත්වීමෙන් පසුවයි නව මහනගරාධිපති ලෙසින් දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් තරඟ කල විශ්වලිංගම් මණිවන්නන් මහතා තේරීපත් වුයේ.

Emmanuwel Arnold Gazette scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23