පුංචි ඡන්දයේ ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අදින් (20) අවසන් වනවා.

ඒ, අනුව අද (20) දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12.00 දක්වා භාරගැනීමට නියමිත බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැළකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් මේ දක්වා ලැබී ඇති බවයි.

මේ අතර, මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත ඊයේ (19) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණා.

එහිදි ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විපක්ෂව ඡන්ද 36ක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39