ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට පැමිණ තිබෙනවා.
ඒ, අනුව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානයයි මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ.
එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස 66% ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය 106%ක් බවයි ස්ටීව් හැන්කේ පෙන්වා දෙන්නේ.
මීට පෙර නිකුත් වූ දර්ශකයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය101%ක් ලෙස සටහන් වූ අතර, නවතම දර්ශකයේ එය 106% ක් දක්වා වැඩිව තිබෙනවා.
මහාචාර්ය ස්ටීව් හැන්කේගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය ලෙබනනයට සහ සිව්වන ස්ථානය කියුබාවටත් හිමිව තිබෙනවා.















