තෛපොංගල් සැමරුම වෙනුවෙන් යාපනයට ගිය ජනපතිට දැඩි විරෝධයක් (ඡායාරූප)

තෛපොංගල් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) යාපනයට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා උතුරු පළාතේ ආගමික නායකයින් මුණගැසීම පැමිණි අවස්ථාවේ දී යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත වුණා.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට විරෝධතාවය පළ කරමින් මෙම විරෝධතාවයේ නිරතවන බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට විරෝධතාකරුවන් මෙහිදී පවසා සිටියා.

යාපනය – අරසඩි මංසන්ධිය ප්‍රදේශයේ දී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබානොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇති වූ අතර, එය පාලනය කිරීමට ජල ප්‍රහාර ද එල්ලකර තිබෙනවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද විරෝධතාකරුවන් පාලනයට එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
01:06
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය නිසා උසාවිය ඉදිරිපිට උණුසුම් වෙයි
08:26
Video thumbnail
"යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට මම සූදානම් නැහැ"රණවිරුවන් ඉදිරියේ ජනපති කළ ප්‍රකාශය
21:11
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29